Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

22nd December 2021 10:19:36 Hours

කර්නල් එන්එච්ජේඑම් නවරත්න නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි අරඹයි

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අටවන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කර්නල් මංගල නවරත්න අද (15) දින උදෑසන පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ එතුමන් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබන ලදී.

කර්නල් මංගල නවරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී ඉදුරාම ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට ඇතුලත් කරන ලද ප්‍රථම නිලධාරී කණ්ඩායමේ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් අතරින් ජ්‍යෙෂ්ඨතම නිලධාරියාද වේ.

මෙම චාම් උත්සව අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොනොනීන් ඇතුළු පිරිසක් ද සහභාගීවිය.