Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

10th January 2021 23:02:13 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු අධිපතිගේ 3 ශ්‍රිලංජාආබමු ඒකක සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධසේවා ලේකම් සහ ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පීජේ ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජනවාරි මස 09 වන දින 3 ශ්‍රීලංජාආබමු ඒකකයන්හී සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් රෙජිමේන්තු අධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පිරිනමමින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අණදෙන නිලධාරි විසින් එම ඒකකයෙහි කාර්යභාර්ය පිළිබඳව රෙජිමේන්තු අධිපතිතුමන් දැනුවත් කළහ.

පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි ඉටුකිරීමේදී විනයානුකූලව සහ වෘත්තීමය හමුදාවක සාමාජිකයින් ලෙස ඉතා උසස් අයුරින් එම කටයුතු කරන ලෙසට ඔවුන් වෙත උපදෙස් ලබාදුන්නේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සහභාගි වුහ.