Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

05th January 2021 16:07:28 Hours

රණක්‍ෂිතයට පත් සෙබළුන් තිදෙනකුට නිවාස පරිත්‍යාගයන් සිදු කිරිම

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් ත්‍රස්තවාදි ප්‍රහාරයන් හේතුවෙන් රණක්‍ෂිතයට පත් නිවසක් නොමැති රණවිරුවන් තිදෙනකු හට යුද්ධ හමුදාපති තුමාගේ විශේෂ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පුර්ණ නිවාස ව්‍යාපෘතියෙහි V වන අධියර යටතේ නිවාස 03ක් යුධ සේවා ලේකම් සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පි ජේ ගමගේ ආර්ඩබ්පි, ආර්එස්පි, යුඑස්පි, එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2021.01.03 දින පහත නම් සදහන් රණවිරුවන් වෙත ප්‍රදානය කරන ලදි.

සෙ/16කිව්00720 සාසෙ දිසානායක ජිඑච්එන්

සෙ/3කිව්02370 ලාකෝ ප්‍රියදර්ශණ පිඩිටි

සෙ/5කිව්01803 සාසෙ චමින්ද කුමාරසිංහ එච්

මෙම නිවාස ප්‍රදානය සියලු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි. මේ සදහා ශ්‍රම දායකත්වය රෙජිමුබ ශ්‍රීලංජාආබමු,1 ශ්‍රීලංජාආබමු, සහ 5 ශ්‍රීලංජාආබමු යන ඒකක වෙතින් සැපයු අතර, යුද හමුදාව වෙතින් රුපියල් ලක්‍ෂ 12 ක මුදලක් සහ මෙම රෙජිමේන්තුව වෙතින් රුපියල් ලක්‍ෂ 03 ක මුදලක් බැගින් එක් නිවසක් සදහා රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් ලබාදෙන ලදි.