Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

15th December 2020 22:16:19 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු අධිපති ඒකක සංචාරයක

ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පීජේ ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ, 14, 2, 9, 6 සහ 13 යන ශ්‍රීලංජාආබමු ඒකකයන්හී සංචාරයක නිරත විය.

මෙම සංචාරයන් අතරතුර, එම ඒකකවල අණදෙන නිලධාරීන් විසින් රෙජිමේන්තු අධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව, ඒකක අණදෙන නිලධාරින් විසින් එම ඒකකයන්හී කාර්යභාර්ය පිළිබඳව රෙජිමේන්තු අධිපතිතුමන් දැනුවත් කළහ.

පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි ඉටුකිරීමේදී විනයානුකූලව සහ වෘත්තීමය හමුදාවක සාමාජිකයින් ලෙස ඉතා උසස් අයුරින් එම කටයුතු කරන ලෙසට ඔවුන් වෙත උපදෙස් ලබාදුන්නේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සහභාගි වුහ.