Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

19th October 2020 09:07:05 Hours

රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිතුමියගේ වැඩ භාර ගැනීම.

මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙහි නව සභාපතිතුමිය ලෙස මනෝජී ප්‍රනාන්දු මැතිණිය 2020 ඔක්තෝම්බර් මස 17 වෙනි දින සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

“විශේෂ මහා සභා රැස්විම සේවා වනිතා ශාඛාවේ වත්මන් ගරු සභාපති තුමිය වන මනෝජී ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පීජේ ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ අනුශාසකත්වයෙන් 2020.10.17 වන දින හෙරලියාවල පහසුකම් සංකීර්ණ ශාලාවේදි පවත්වන ලදි.

ශිර්ෂගත රැස්විම ගරු සභාපතිතුමිය තම ධුරය භාරගැනිමෙන් පසු සිදුකල ප්‍රථම සභාවාරය වන අතර, එම අවස්ථාව සදහා සේවා වනිතා ශාඛාවෙහි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් සීමිත පිරිසක් සහභාගී වූ අතර, දෙවන වරටත් කොරෝනා වසංගතය මර්ධනයට සෞඛ්‍යය අංශ වෙතින් පනවා ඇති උපදෙස් හා නියෝග වලට අනුකූලව කටයුතු කරන ලදි.

වත්මන් ගරු සභාපතිණිය විසින් නිලධාරි මණ්ඩලය සහ සෙසු සාමාජිකාවන් හදුනාගැනිමෙන් පසු මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙහි ඉතිහාසය පිලිබදව හා 2020 වර්ෂයේ සිදුකල සුභසාධක හා අනිකුත් කටයුතු පිලිබදව සේවා වනිතා සම්බන්ධිකරණ නිලධාරි විසින් නව සභාපතිණිය වෙත කෙටි සමාලෝචනයක් සිදුකරන ලදි.

අනතුරුව එම රැස්විමේදි සේවා වනිතා ශාඛාව වෙතින් 2020 වර්ෂය තුල සිදුකිරිමට සැලසුම්කර ඇති විවිධ සුභ සාධන කටයුතු සහ වැඩ සටහන් පිලිබදව හා සේවා වනිතා ශාඛාවෙහි උන්නතිය සදහා ඉදිරි සැලසුම් රැසක් සකස් කරනු ලැබිය.

මෙම රැස්විම අවසානයේ සභාපති තුමිය ඇතුළු සියලු සාමාජිකාවන් සමුහ ඡායා රූපයකටද පෙනි සිටින ලදි.