Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

04th February 2020 22:32:20 Hours

නව අණදෙන නිළධාරි තුමන්ගේ වැඩ භාර ගැනීම

15 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 11 වන අණදෙන නිළධාරි තුමන් වශයෙන් මේජර් එස්යුඩබ්ලිව් විමලරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2020 ජනවාරි මස 27 වන දින යුධ හමුදා චාරිත්ත්‍රානුකූලව සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය.

අභිමානවත් මුර පිරික්සුමක් පිරිනම මින් එතුමන් පිළිගැනීමෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් කදවුරු පරිශ්‍රයේ අඔ පැලයක් රෝපණය කරන ලදි..

ඉන් අනතුරුව එතුමන් විසින් භඨ පිරිස් ඇමතු අතර මෙම අවස්ථාවට 15 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ දෙවන අණදෙන නිළධාරිතුමන් ඇතුළුව ඒකකයේ නිලධාරීන් 05 ක් සහ සෙසුනිලයින් 115 ක් පිරිසක් සහභාගී විය.පසුව එතුමන් විසින් කදවුර තුළ සංචාරයක් සිදු කරනු ලැබීය.