Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

20th December 2019 15:29:40 Hours

රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවට නැවුම් මුහුණුවරක්

මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙහි විශේෂ මහා සභා රැස්විම සේවා වනිතා ශාඛාවේ වත්මන් ගරු සභාපති තුමිය වන මායා ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්ආර්එන් ප්‍රනාන්දු ආර්එස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ අනුශාසකත්වයෙන් 2019.12.14 වන දින 0930 පැයට මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදි පවත්වන ලදි.

ශිර්ෂගත රැස්විම ගරු සභාපති තුමිය තම ධුරය භාරගැනිමෙන් පසු සිදුකල ප්‍රථම සභාවාරය වන අතර, එම අවස්ථාව සදහා සේවා වනිතා ශාඛාවෙහි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් රැසක්ද සහභාගි විය.

වත්මන් ගරු සභාපතිණිය විසින් නිලධාරි මණ්ඩලය සහ සෙසු සාමාජිකාවන් හදුනාගැනිමෙන් පසු මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙහි ඉතිහාසය පිලිබදව හා 2019 වර්ෂයේ සිදුකල සුභසාධක හා අනිකුත් කටයුතු පිලිබදව සේවා වනිතා සම්බන්ධිකරණ නිලධාරි විසින් නව සභාපතිණිය වෙත කෙටි සමාලෝචනයක් සිදුකරන ලදි.

අණතුරුව එම රැස්විමේදි සේවා වනිතා ශාඛාව වෙතින් 2020 වර්ෂය තුල සිදුකිරිමට සැලසුම්කර ඇති විවිධ සුභ සාධන කටයුතු සහ වැඩ සටහන් පිලිබදව හා සේවා වනිතා ශාඛාවෙහි උන්තිය සදහා ඉදිරි සැලසුම් රැසක් සකස් කරනු ලැබිය.

මෙම රැස්විම අවසානයේ සභාපති තුමිය ඇතුළු සියලු සාමාජිකාවන් සමුහ ඡායා රූපයකටද පෙනි සිටිහය.