Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

10th October 2019 10:03:57 Hours

අභිමන්සල 3 සුවසහන මධ්‍යස්ථානය පාන්ගොල්ල සංචාරය

අභිමංසල 3 සුවසහන මධ්‍යස්ථානය - පාන්ගොල්ලෙහි සංචාරය මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි අනෝමා රණවක මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2019.09.28 වන දින සිදු කරන ලදි.

මෙම සංචාරය සදහා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු අනුශාසක හා රෙජිමේන්තු අධිපති ඩිඒආර් රණවක ආර්එස්පි එන්ඩියු අයිජි හා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ සාමාජිකාවන් රැසක් සමගින් මෙම රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කනිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසුනිළයින් ද සහභාගි වු අතර, එහිදි රණෂිතයට පත් නේවාසික රණවිරුවන් සදහා පහත දක්වා ඇති සුභසාධන කටයුතු සිදු කරන ලදි.

අ. රණක්ෂියතයට පත් රණවිරුවන් සදහා තේ පානය සහ ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි .

ආ සුවසහන මධ්‍යස්ථානයෙහි ප්‍රයෝජනය සදහා වීදි ලාම්පු (බල්බ සමගින්) ගණනින් 08 ක් ප්‍රධානය කරන ලදි .

ඇ. රණෂිතයට පත් රණවිරුවන් 38 දෙනෙකු සදහා ත්‍යාග පාර්සලය බැගින් ප්‍රධානය කරන ලදි.

ඈ. නේවාසික රණවිරුවන්ගේ මානසික තත්වය ඉහල නැංවිම අරමුණු කර ගනිමින් මෙම රෙම ත්‍රිපුද්ගල සංගීත කණ්ඩායම විසින් සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදි.