Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

22nd April 2019 22:53:10 Hours

" සුර්ය මංගල්‍යය - 2019" ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුව

සුර්ය මංගල්‍යය 2019 අළුත් අවුරුදු උත්සවය අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශ්‍රීලංකා යුද්ධ හමුදා මූලස්ථානය හා ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්ලිව්එම්ඒඩබ්ලිව්එන් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත්, ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ඉන්දිකා රණවන මහත්මිය, මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුව සහ අනෙකුත් ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් හෙරළියාවල අළකොළදෙනිය ක්‍රිඩාංගනයේදී 2019 අප්‍රේල් මස 18 වන දින උත්කර්ශවත් අන්දමින් පැවැත්වින.

මෙවර සුර්‍ය්‍යමංගල්‍යයේ විශේෂත්වය වුයේ සම්ප්‍රදායික ගැමි සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් කාගේත් නෙත් සිත් පැහැර ගැනීමට සමත් ගැමි නිවසක් නිර්මාණය කරමින් පුරාණ ගොවියාගේ හැසිරීම් රටාවන්, ඇවතුම් පැවතුම් ඉස්මතුවන පරිදි නිරූපිත රබන් වාදනය, කමත ආශ්‍රිත සංස්කෘතික නර්ථන සහ පුරාණ ගැමි ගෙදර ඇතුලත්ව තිබු සියළු ගැමි උපකරණ සහිතව නිරූපනය කිරීමයි. එහිදී වියැකි යන ගැමි ක්‍රීඩා රැසක් ඇතුලත්ව ගම්වාසින් විශාල පිරිසක් සමග සුහදත්වය වර්ධනය කරමින් මෙම අවුරුදු උත්සවය පවත්වන ලදී. මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.