Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

01st March 2019 16:56:02 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට ඓතිහාසික ජයග්‍රහණයක්

වසර 29 ක අභිමාණවත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සිය ඉතිහාසය තුල තවත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියනු ලැබීය. රෙජිමේන්තුව වෙත ආවේනික නිල ලාංඡණයක උරුමය 2019 ජනවාරි මස 10 දින හිමිකරගත් අතර ශ්‍රී ලංකා ජාතික ජාතික ජාතික ආරක්ෂක බලමුළුව විසින් මෙම අවස්ථාව අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

මෙම රෙජිමේන්තු ලාංඡනය සාමාජිකයින් වෙත පැලදවීමේ ඓතිහාසික උත්සව අවස්ථාව 2019 පෙබරවාරි මස 28 දින රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී සනිටුහන් කරනු ලැබීය. මෙදින රෙජිමේන්තු අධිපති විසින් නිලධාරි 10 ක් සහ සෙසුනිලයින් 25 ක් වෙත සංකේතමය වශයෙන් මෙම නිල ලාංඡනය පලදවනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මණ්ඩලික ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානය හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්එම්ඒඩබ්එන් රණවන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. මෙම අවස්ථාවට මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒජේ ගුණවර්ධන ආර්එස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්ජේඑන් මහේෂ් කුමාර ඒකක අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් සහ ජේෂ්ඨ/කණිස්ඨ නිලධාරීන් රැසක් ද රෙජිමේන්තු මධ්‍යස්ථාන රෙජිමෙින්තු සැරයන් මේජර් සහ ඒකක රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් කිහිප දෙනෙකු සහ සෙසුනිලයින් විශාල පිරිසක්ද සහභාගී විය.