Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

01st October 2018 13:58:58 Hours

රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 2018 වර්ෂයේ සුවසහන මධ්‍යස්ථානය කඹුරුපිටියෙහි සංචාරය

සුවසහන මධ්‍යස්ථානය කඹුරුපිටියෙහි සංචාරය මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ඉන්දිකා රණවන මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018.09.15 වන දින සිදු කරන ලදි.

මෙම සංචාරය සදහා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ සාමාජිකාවන් රැසක් සමගින් මෙම රෙජිමේන්තු නිලධාරින් මෙන්ම සෙසුනිළයින් ද සහභාගි වු අතර, එහිදි රණක්‍ෂිතයට පත් නේවාසික රණවිරුවන් සදහා පහත දක්වා ඇති සුභසාධන කටයුතු සිදු කරන ලදි.

අ. රණක්‍ෂිතයට පත් රණවිරුවන් සදහා ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

ආ. නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ පොදු ප්‍රයෝජනය සදහා ඇඳ ඇතිරිලි 86 ක් සුවසහන මධ්‍යස්ථානය වෙත ප්‍රධානය කරන ලදි .

ඇ. රණෂිතයට පත් රණවිරුවන් 43 දෙනෙකු සදහා අත් රහිත බැනියම් (Skinny) හා රසකැවිලි පාර්සලය බැගින් ප්‍රධානය කරන ලදි.

ඈ. නේවාසික රණවිරුවන්ගේ මානසික තත්වය ඉහල නැංවිම අරමුණු කරගනිමින් සංගිත ප්‍රසංයක් ද පවත්වන ලදි.

ඉ. නේවාසික රණවිරුවන් වෙනුවෙන් පවත්වන ලද සංගීත ප්‍රසංගයේදී හොඳම නර්ථනයන් ඉදිරිපත් කරන ලද රණවිරුවන් දෙදෙනෙකු සඳහා අත් රහිත බැනියම් (Skinny) ප්‍රධානය කරන ලදි.