Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

28th June 2018 23:42:41 Hours

රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ විශේෂ සභා රැස්විම

මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ විශේෂ සභා රැස්විමක් රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වත්මන් ගරු සභාපති තුමිය වන ඉන්දිකා රණවන මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒඩබ්ලිව්එම්ඒඩබ්ලිව්එන් රණවන ආර්ඩබ්පි, අර්එස්පි, එන්ඩිසි, පිඑස්සි යනජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අනුශාසකත්වයෙන් 2018.06.10 වන දින 0930 පැයට හෙරලියාවල වත්ත කදවුරේ ස්ථාපිත ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

තවද, මෙම රැස්විම සදහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් රැසක්ද, සහභාගි වු අතර, එම රැස්විමේදි පහත සදහන් කාර්යන් සිදුකල බව කාරුණිකව දන්වා සිටිමි.

අ. සේවා වනිතා ශාඛාව වෙතින් 2018 වර්ෂය තුල සිදු කිරිමට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබදව සාකච්ජා කිරිම.

ආ. වත්මන් ගරු සභාපති තුමිය විසින් සේවා වනිතා ශාඛාවෙහි නිළ මඩුල්ල හා සාමාජිකාවන් හදුනා ගැනිම.

ඇ. මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛා ගරු සභාපති තුමිය විසින් 2018.06.10 වන දින පාන්ගොල්ල රණවිරු කඩදාසි ප්‍රතිචක්‍රිකර මධ්‍යස්ථානයෙහි නිරික්ෂණ චාරිකාවක් සිදු කිරිම.