Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

10th April 2018 14:05:50 Hours

ශ්‍රීලංජාආබමු සේවා වනිතා අවුරුදු පොළ - 2018

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද සේවා වනිතා අවුරුදු පොළ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ආර්ඩබ්ලිව්ඩබ්ලිව්ඒඩීබි රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පි යුඑස්පී එන්ඩීසී පීඑස්සි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශිරාණි රාජගුරු මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2018 බක් මස 7 සහ 8 දින උදැසන 1000 සිට රාත්‍රී 1000 දක්වා කුරුණෑගල, වැහැර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි.

නොබෝ දිනකින් උදාවෙන සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමරීම සදහා පොදු මහජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීම අරමුණු කොට ගනිමින් සියළුම ශ්‍රිලංජාආබමු ඒකක විසින් වෙළඳ කුටි පවත්වාගෙන යනු ලැබූ අතර, සෑම වෙළද කුටියක්ම පාහේ ප්‍රදේශයේ ජනතාවගෙන් පිරී පැවතිනි. මෙම අළුත් අවුරුදු පොල භූමියේදී උත්සව සමයට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ, පිඟන් භාණ්ඩ, සැරසිලි භාණ්ඩ, දැව භාණ්ඩ, ඇතුළු තවත් බොහෝ දේ අවම මිළ ගණන් යටතේ ලබා ගැනීමට අවස්ථාව සලසා තිබුනි.

මෙම අවස්ථාවට ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරීන් රැසක් සහ ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසුනිලයින් විශාල පිරිසක් ද, පලාත් ලේකම් ගරු පිබිඑම් සිරිසේන මහතා, නාගරික කොමසාරිස් ප්‍රදිප් තිලකරත්න මහතා, අධ්‍යක‍ෂක වයඹ පලාත් පරිසර අධ්කාරිය සමන් ලේනදුව මහතා, විධායක ඉංජිනේරු මාර්ග සංවර්ධන අධිකාරිය ජෙඑම්ඩබිලිව්විකේ හුණුකුඹුර මහතා, විදුලි ඉංජිනේරු (කුරුණෑගල) පිඒ ලියනාරචිචි මහතා, කුරුණෑගල ප්‍රදේශිය සභා ලේකම් ඩිඩි වික්‍රමසිංහ මැතිණිය, අධ්‍යක‍ෂක සැපයුම් අංශය වෛද්‍ය කමල් ජයසිංහ මහතා, ස්ථානාධිපති කුරුණෑගල පොලිසිය ප්‍රධාන පොලිස් පරික‍්ෂක මංගල වික්‍රමනායක මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නියෝජනය කරමින් පැමිණි ප්‍රධාන පොලිස් පරික‍්ෂක බණ්ඩාර මහතා, සේවා වනිතා ශාඛාවේ ගරු උප සභාපතිනි පුෂ්පා කොහොන මැතිණිය, ජ්‍යෙෂ්ඨ සාමාජිකා ගීතා චන්ද්‍රසිරි මැතිණිය, ජ්‍යෙෂ්ඨ සාමාජිකා ප්‍රදිපිකා බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රසිරි මැතිණිය, ගරු ලේඛමි අයෝධ්‍යා රණසිංහ මැතිණිය, ජ්‍යෙෂ්ඨ සාමාජිකා දමයන්ති බණ්ඩාරනායක මැතිණිය, ජ්‍යෙෂ්ඨ සාමාජිකා නිලන්ති ද සිල්වා, මැතිණිය ජ්‍යෙෂ්ඨ සාමාජිකා නිලන්ති ද සිල්වා මැතිණිය, ජ්‍යෙෂ්ඨ සාමාජිකා චමිමි ශිරෝමාලා පතිරණ මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකා එමි ඩෙසිකා නිශාන්ති මැතිණිය ඇතුළු ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.