Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

07th April 2018 15:34:50 Hours

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු දෙවන අණ දෙන නිලධාරී සාකච්ඡාව

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ඒකකයන්හි දෙවන අණදෙන නිලධාරීන්ගේ සාකච්ඡාව මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්බී කොහොන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2018 පෙබරවාරි මස 27 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

මෙහිදී ඒකකයන්හි පාලන කටයුතු ඉටුකිරීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීම වෙනුවෙන් සහ ඒකක කාර්යභාරයන් ඉටු කිරීම සදහා වූ පාලන උපදෙස් හා ප්‍රමාදව පැවති පාලන ගැටළු නිරාකරණය කර ගැනිම සදහා උපදෙස් ලබාදීමද සිදුවිය.

මෙම අවස්ථාවට රෙජිමේන්තු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ප්‍රමානි 1, මානි 1 (පාලන), මානි 1 (භකාස) ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් රැසක් ද සියලුම ඒකකයන්හි දෙවන අණදෙන නිලධාරීන් ද සහභාගී විය.