Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

21st March 2018 16:24:04 Hours

නිහතමානි නායකත්වයක ගෞරවනීය නික්මයාම

මෙම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් වසර 4 කට ආසන්න කාලයක් රාජකාරි ඉටුකල බ්‍රිගේඩියර් ඩීඑච්එම්ඩබ්බී තමිමිට ජ්‍යෙෂ්ඨ නිලධාරී 2018 මාර්තු මස 07 දින සිය ධූරයෙන් නික්ම යන ලද අතර එම ධූරය කර්නල් එස්බී කොහොන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත භාරදෙනු ලැබින.

සිය ධූර කාලය තුල ශ්‍රී ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුව වෙනුවෙන් අපරිමිත මෙහෙයක් ඉටුකරන ලද එතුමන් වෙනුවෙන් සමුගැනීමේ සාදයක් 2018 මාර්තු මස 04 දින පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුවෙහි රෙජිමේන්තු අධිපති ආර්ඩබ්ඩබ්ඒඩීබී රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් බ්‍රිගේඩියර් ඩීඑච්එම්ඩබ්බී තමිමිට ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ එම මැතිණිය උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.

මෙහිදී රෙජිමේන්තුව වෙනුවෙන් ඉටුකල මෙහෙය අගයනු වස් සමරු තිළිණයක් සහ ශ්‍රී ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුවෙහි රාජකාරී ඉටුකල කාලය තුල විශේෂ සිදුවීම් අළලා සකස් කරන ලද ඡායාරූප ඇල්බමයක් ද එතුමන් වෙත පිළිගන්වනු ලැබින. මෙම අවස්ථාවට රෙජිමේන්තු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතු`ඵ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ද සහභාගී විය.