Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

21st December 2018 21:43:42 Hours

සරඹ බිම දිග්විජයකල සරඹ ශූරයින්ගේ අභිමානවත් පුනරාගමනය

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සරඹ කණ්ඩායම සිව්වන වතාවටත් යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ ශූරතාවලිය - 2018 හි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්වූ බව අභිමාණයෙන් සිහිපත් කරමු.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තූන්හි සරඹ කුසලතාවයන් ඔප්නංවාලීම මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනය ඉහලතලයකට ගෙනයාම පදනම්කරගනිමින් ආරම්භවූ මෙම අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියෙහිදී සිව්වතාවක් මෙම රෙජිමේන්තුව ශූරතාවයහිමිකරගැනීමට සමත්වීම මෙහිදී කැපී පෙනුනි.

2018 අගොස්තු මස 6 සිට 13 දින දක්වා 6 ශ්‍රීලකාහ සරඹ භූමියේදී මෙම තරගාවලිය පැවැත්වූ අතර, මෙම රෙජිමේන්තු සරඹ කණ්ඩායමසිය දුෂ්කර පුහුණුව තුලින් ලද පන්නරය උපයෝගී කොටගනිමින් අනෙකුත් රෙජිමේන්තු සමග තියුණු තරගයක නිරතවෙමින් සිය ජයග්‍රහණය සදහා අගනා කැපවීමකින් තරගාවලියට සහභාගී වූ බවත් එය යථාර්තයක් බවට පත්කරගත් බවත් මෙහිදී නිහතමානිව කියා සිටිමු.

තවද මෙම තරගාවලිය ආරම්භයේ සිට 2005, 2010, 2016 සහ 2018 වර්ෂයන්හිදී ප්‍රථම ස්ථානය දිනාගන්නා ලද අතර 2016 වසරෙහි මෙම තරගාවලියතුල නොබිදිය හැකි වාර්ථාවක් තබමින් හොදම සරඹ කණ්ඩායම, හොදම අණදෙන්නා, හොදම සරඹ උපදේශක සහ හොදම පියවර කෝදු කණ්ඩායම යන ජයග්‍රහණයන් හිමිකර ගැනීමට හැකි විය.

අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලිය 2018 හි ජයග්‍රාහකයින් සදහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානෝත්සවය 2018 දෙසැම්බර් මස 18 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී පැවැති අතර එහිදී මෙම රෙජිමේන්තුව වෙත හොදම සරඹ කණ්ඩායම, දක්ෂතම පියවර කොදු කණ්ඩායම සහ දක්ෂතම සරඹ උපදේශක යන ජයග්‍රහණයන් ලබාගැනීමට හැකි විය.