Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

03rd November 2018 23:05:34 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුව සිය අභිමානවත් 28 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ලංකා ජාතික ආරක‍්ෂක බලමුළු ඉතිහාසය තුල මෙතෙක් නොවු විරු ස්වර්ණමය යුගයක් පසු කරමින් තම අභිමානවත් 28 වන සංවත්සරය 2018 නොවැම්බර් මස 01 දින උත්කර්ශවත් අන්දමින් සමරණු ලැබීය. යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව වෙත 1991 නොවැම්බර් මස 01 දින යුද්ධ හමුදාවේ ලාබාලතම සාමාජිකයා වශයෙන් එක් වූ මෙම රෙජිමේන්තුව පසුගිය වකවානුව තුල පැවැති ක්‍රියාන්විතයන් වෙත සිය සක්‍රිය දායකත්වය ලබාදෙමින් රෙජිමේන්තුව ආ ගමන් මග දෙස ආපසු හැරී බැලීමේදී විවිධ අභියෝග කඩඉම් සහ විවිධ සංධිස්ථානයන් රැසක් පසුකරමින් අතිසාර්ථකව 28 වසක් සපිරූ බව සාඩම්බරයෙන් සිහිපත් කරමු.

එම අභියෝගයන් ජයගනු වස් වර්තමාන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්එම්ඒඩබ්එන් රණවන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අනුපමේය නායකත්වය යටතේ සීග්‍ර‍ දියුණුවක් අත්කර ගනිමින් සිටින මෙම රෙජිමේන්තුව සිය අභිමානවත් 28 වන සැමරුමි උළෙල ඉතා අභිමාණවත් හා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු යෙෳවණයාගේ අනාගත සාර්ථකත්වය උදෙසා සෙත් පතමින් හා ත්‍රිවිධ රත්නයේ පිහිටාරක‍්ෂාව පතමින් 2018 ඔක්තෝබර් මස 30 දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් දේශණයක් සහ පසුදින මහා සංඝයා 28 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදී.

2018 නොවැමිබර් මස 01 දින හෙරලියාවල පරිශ්‍රයේ පිහිටි රෙජිමේන්තු සරඹ භූමියේදී රෙජිමේන්තු අධිපති වෙත 22 X 500 කින් සමන්විත භඨ පිරිසක්ගේ සහභාගීත්වයෙන් අභිමානවත් සම්මාන පෙළපාලියක් පිරිනමමින් සිය ආචාරය පුද කරනු ලැබීය. අණතුරුව රෙජිමේන්තු අධිපතිතුමන් විසින් සියළු භඨ පිරිස් අමතමින් සාරවත් මගපෙන්වීම් වලින් අනූන වූ සිය රෙජිමේන්තු දින පණිවුඩය නිකුත් කරනු ලැබීය. 28 වන සංවත්සර දිනය සංකේතවත් කරනු වස් හෙරලියාවල කදවුරු පරිශ්‍රයේ අඔ පැලයක් රෝපනය කරනු ලැබීය. රෙජිමේන්තුවේ අනාගත පරපුර උදෙසා මතක සටහනක් ඉතිරි කරමින් රෙජිමේන්තු කාර්‍ය මණ්ඩලය සමග සමූහ ජායාරූපයකට ද පෙනී සිටින ලදී.

රෙජිමේන්තුව පියෙන් පිය ඉහලට ඔසවා තබන්නට සිය දායකත්වය සපයමින් මව්බිමේ නාමයෙන් සිය දිවි කැපකල විරුකැල සිහිකරනු වස් පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් ද රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. මෙදින සියළු නිල දිවා භෝජණ සංග්‍රහයක් ද සූදානම්කර තිබූ අතර එම අවස්ථාව සදහාද රෙජිමේන්තු අධිපති ඇතුළු සියළුම නිලයින් සහභාගී වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගී වූ අතර තවද රෙජිමේන්තු මන්ත්‍රණ සභා සභිකයින්, අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් හා ඒකක රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු සෙසුනිලයින් විශාල පිරිසක් ද සහභාගී විය.