Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

21st March 2018 16:37:14 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට නව ධුරදර්ශී නායකත්වයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 5 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කර්නල් එස්. බී. කොහොන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2018 මාර්තු 08 වන දින වැඩ භාර ගන්නා ලදී.

මෙදින නව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත කදවුරු මුර පිරින්සුමක් පිරිනමමින් උණුසුම් අයුරින් පිලිගනු ලැබීමෙන් පසුව මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් ජීව දානය පිදූ රණවිරැවන් වෙත පුෂ්පෝපහාර දැක්වීමද සිදුවිය.

ආගමික චාරිත්‍ර මධ්‍යයේ නව තනතුරෙහි කටයුතු එතුමන් විසින් භාරගන්නා ලද අතර මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු ජ්‍යෙෂ්ඨ කොනොනීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

නව මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් හට සිය ධූරයෙහි රාජකාරී ඉටුකිරීම පිණිස අවශ්‍ය ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා යන්න ගාඩියන්ස් පවුලේ පැතුමයි.