Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

08th April 2018 11:17:49 Hours

මාර්ග පිලිසකර කිරීමේ ප්‍රජාසත්කාරය

23 සේනාංකය යටතේ පාලනය වන 232 බලසේනා මුලස්ථානය සහ 12ශ්‍රීලංජාආබමු ඒකකය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - කෝරලේපත්තු (දකුණ) සමග සම්බන්ධතාවයෙන් සහ ප්‍ර‍දේශයේ සිවිල් ජනතාවගේ සුභසාධනය සදහා හා යුධ හමුදාවත් සිවිල් ජනතාවත් අතර සුහදතාවය වර්ධනය කර ගැනිම උදෙසා විවිධ ප්‍රජා සත්කාර වැඩසටහන් සිදුකරනු ලබයි.

ඒ අනුව 232 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති මෙන්ම අප රෙජිමේන්තු මන්ත්‍රන සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික කර්නල් ජේඑම්ආර්එම්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සහ 12 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් එන්ඩබ්ලිව් දහනායක ශ්‍රීලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධීක්ෂණයෙන් සහ අප ඒකකයේ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ශ්‍රමදායකත්වයෙන් කිරාන් සිට පුලිපංචිකල් දක්වා මාර්ගය සහ 5 කණුවේ සිට තාරාවිකුළම් දක්වා මාර්ගය 2018.03.25 දින සිට 2018.03.30 දින දක්වා අළුත් වැඩියා කටයුතු සිදුකරන ලද අතර, එමගින් මෙම ප්‍රදේශයේ ජීවත්වන 15000 කට අධික ජනතාවට ගමන් කිරිමේ පහසුව සදහා මෙම ප්‍රජා සත්කාරය ඉටු කරන ලදි.