Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

12th February 2019 23:44:48 Hours

නිහතමානි නායකත්වයක ගෞරවනීය නික්මයාම

මෙම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් වසර කට ආසන්න කාලයක් රාජකාරි ඉටුකල බ්‍රිගේඩියර් එස්බී කොහොන ජේෂ්ඨ නිලධාරී 2019 මාර්තු මස 10 දින සිය ධූරයෙන් නික්ම යන ලද අතර එම ධූරය බ්‍රිගේඩියර් ඒජේ ගුණවර්ධන ආර්එස්පී ජේෂ්ඨ නිලධාරී වෙත භාරදෙනු ලැබිය.

සිය ධූර කාලය තුල ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙනුවෙන් අපරිමිත මෙහෙයක් ඉටුකරන ලද එතුමන් වෙනුවෙන් 2019.02.08 දින හෙරලියාවල සරඔ භූමියේදී සම්මාන පෙළපාලියක් පිරි නමනු ලැබීය.සම්මාන පෙළපාලියෙන් අනතුරුව හෙරලියාවල ශ්‍රවනාගාරයේදී තම රාජකාරී කාලය තුල තමන්ට සහය වුනු නිළධාරින් ඇතුළු සෙසු නිළයින් ඇමතීය.

ඉන් අනතුරුව බනි/සැරයන් නිවස්නයේ එතුමන් වෙනුවෙන් තේපැන් සංග්‍රහයක් පිළිගැන්වු අතර ඉන් අනතුරුව එතුමන් විසින් තම දේශය වෙනුවෙන් ජිවිතය පුජා කළ රණවිරුවන් වෙත පුෂ්පඋපහාරයක් දක්වනු ලැබීය. සන්ද්‍යාභාගයේදී සමුගැනීමේ සාදයක් එතුමන් වෙනුවෙන් සුදානම් කර තිබු අතර එහිදී එතුමන්ගේ ජිවිත කාලයේ සුවිශේශි මතක සටහන් එක් කර නිර්මාණය කර තිබුණු කෙටි විඩියෝ පටයක් නරඔමින් සතුටු විය.මෙම අවස්ථාවට රෙජිමේන්තු අධිපති මේජර් ජනරල් ඒඩබ්ලිව්එම්ඒඩබ්ලිව්එන් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජේෂ්ඨ නිළධාරි තුමන් සහ ජේෂ්ඨ නිළධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගිවිය.මෙහිදී රෙජිමේන්තු අධිපති විසින් එතුමන් වෙත ජයාරූප ඇල්බමයක් පිළිගන්වනු ලැබීය.

2019 පෙබරවාරි මස 10 වන දින ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුවට සහ තම යුධ හමුදා දිවියට සමුදෙමින් රෙජිමේන්තුවේ නිළධාරීන් ඇතුළු සෙසු නිළයින්ගේ ජය ශ්‍රි හඩ මැදින් නික්ම ගියේය.