Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

27th April 2026 10:01:25 Hours

6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ලෙස මේජර් ඒ එම් ජී එස් වීරසුරිය ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාර ගැනිම

2026 අප්‍රේල් මස 23 වන දින යුද්ධ හමුදා චාරිත්‍ර අනුව 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ 14 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඒ එම් ජී එස් වීරසුරිය ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගත් අතර, නව අණදෙන නිලධාරි හට කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව සුබ මොහොතින් අණදෙන නිලධාරි රාජකාරි භාර ගත් අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කරන ලදි.