Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

27th September 2021 00:35:51 Hours

5 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු කදවුරු භුමියේ අභිනවයෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය නිරාවරණය කිරිම

දශක 03 ක් පුරා පැවති කුරිරු ත්‍රස්ථවාදය නිම කිරිම සදහා රටදැය වෙනුවෙන් සටන් වැද මියයන ලද විරෝධාර රණවිරුවන් 83 දෙනෙකු සිහිපත් කිරිම වෙනුවෙන් 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සියළුම නිළයින්ගේ ශ්‍රම දායකත්වයෙන් හා ඒකක අණදෙන නිලධාරි මේජර් එම්වි ප්‍රනාන්දු ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ ඒකක මුලස්ථාන කදවුරු භුමියේ - තත්තිරිමලය හි ඉදිකරන ලද රණවිරු ස්මාරකය ආරක්ෂක සේනා ආඥාපති ආසේමු (මධ්‍යම) සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එල්විඑම් ලියනගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2021 සැප්තැම්බර් මස 15 වන දින 0930 පැයට යෙදුන සුභ මොහොතින් නිරාවරණය කර මියගිය විරෝධාර රණවිරුවන් පුෂ්පෝපහාරයෙන් පුදන ලදි. (මෙම වැඩසටහන් කටයුතු සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව සිදුකරන ලදි)