Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

30th January 2022 21:00:14 Hours

සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහ සභා රැස්වීම

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛා වාර්ෂික මහා සභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනුශාසකත්වයෙන් 2022.01.30 වන දින රෙජිමේන්තු දේශණ ශාලාවේදී පවත්වන ලදි.

සේවා වනිතා වාර්ෂික මහා සභා රැස්වීම සඳහා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසක් සහභාගි වු අතර, එදින නව නිල මඩුල්ල පත්කිරීමෙන් පසු නව සභාවාරයේ කටයුතු ආරම්භ කරන ලදි. එහිදී ගරු සභාපතිනිය විසින් සේවා වනිතා ශාඛාව මගින් ඉදිරි කාලසීමාව තුලදී ක්‍රියාත්මක කලයුතු සුභසාධක වැඩසටහන් හා අනෙකුත් සැලසුම් පිළිබඳව ඉදිරිපත්වූ යෝජණා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. එමෙන්ම අධ්‍යාපනය ලබන රණවිරු දරු දැරියන් 04 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්වයන් පිරිනමනු ලැබූ අතර, ඔවුන් වෙත ත්‍යාග ප්‍රධානයක්ද සිදුකරන ලදි.

කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවැත්වූ මෙම චාම් උත්සව අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී විය.