Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

02nd August 2019 10:06:56 Hours

සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහ සභා රැස්වීම

මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්විම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වත්මන් ගරු සභාපති තුමිය වන අනෝමා රණවක මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩී ඒ ආර් රණවක ආර්එස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අනුශාසකත්වයෙන් 2019.07.27 වන දින 0930 පැයට මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී පවත්වන ලදි.

තවද, මෙම රැස්විම සදහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් රැසක්ද, සහභාගි වු අතර, එම රැස්වීමේදි පහත සදහන් කාර්යන් සිදුකිරීමට යෙදුනි.

අ. සේවා වනිතා ශාඛාව වෙතින් 2019 වර්ෂය තුල සිදු කිරිමට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබදව සාකච්ජා කිරිම.

ආ. වත්මන් ගරු සභාපති තුමිය විසින් සේවා වනිතා ශාඛාවෙහි සාමාජිකාවන් හදුනා ගැනිම.

මෙම රැස්වීම අවසානයේ ගරු සභාපති තුමිය ඇතුළු අනෙකුත් සමාජිකාවන් සමුහ ජයාරූපයකට පෙනී සිටියහ.