Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

23rd March 2026 19:23:22 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු නිලධාරී පුහුණු දිනය - 2026 පළමු කාර්තුව

2026 පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු නිලධාරී පුහුණු දිනය 2026 මාර්තු 11 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

උදෑසන ශාරීරික අභ්‍යාස සහ සරඹ පුහුණුවිම් වලින් පසු නිලධාරි වෘත්තීය සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, සහභාගී වූ නිලධාරීන් සඳහා දේශන දෙකක් පවත්වන ලදී. පළමු දේශනය "නිලධාරී වෘත්තීය ප්‍රගමනය" යන මාතෘකාව යටතේ පවත්වන ලද අතර, එමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් සඳහා වෘත්තීය සංවර්ධන අවස්ථා, වෘත්තීය ප්‍රගමනය සහ ඉගෙනීමේ වැදගත්කම ඉස්මතු කරන ලදී. දෙවන දේශනය "ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය සහ ආචාරධර්ම සංග්‍රහය" යන මාතෘකාව යටතේ පවත්වන ලද අතර, එමගින් නිලධාරීන්ට අභ්‍යන්තර කටයුතු ඒකකයේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දුන් අතර විනය හා ආචාරධර්ම සංග්‍රහයට අනුකූල වීමේ වැදගත්කම අවධාරණය කරන ලදි.

සම්ප්‍රදායික “Dinners Club” වැඩසටහන සදහා රෙජිමේන්තු අධිපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. එහි දේශණය සදහා කීර්තිමත් වෘත්තිකයෙකු වන ශෂි ඩී. ජයවර්ධන මහතා ආරාධිත දේශකයෙකු ලෙස සහභාගී විය. සැසිය අතරතුර, ඔහු නායකත්වය සහ වෘත්තීය විශිෂ්ටත්වය පිළිබඳ දේශණයක් පැවැත්වීය.

මෙම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, මන්ත්‍රන සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, සාර්ථක හා අර්ථවත් වෘත්තීය සංවර්ධන වැඩසටහනක් බවට පත් කරමින් නිලධාරි පුහුණු දිනය අවසන් කරන ලදි.