14th October 2024 20:29:58 Hours
කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන බලඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නව නවාතැන් පහසුකම් ගොඩනැගිලි දෙකක් යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 11) දින සන්ධ්‍යාවේ පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ. කීර්තිනාථ ආර්එස්පී කේඑස්පී පීඑස්සි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
භටපිරිස් 350 දෙනෙකුට නවාතැන් ගැනීමේ හැකියාව ඇති තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත මෙම නවාතැන් පහසුකම් සංකීර්ණය උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරික්ෂා කරනු ලැබීය. එහිදී, එතුමන් එම ගොඩනැගිල්ලේ සියලු අංශ පරීක්ෂා කරනු ලැබූ අතර නවීන පහසුකම් වලින් සමන්විතව මෙම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා තාක්ෂණික, ඉංජිනේරු දැනුම හා ශ්‍රම දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සමඟින් සුහඳ අදහස් හුවමාරුවක නිරතවිය.
ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ශ්‍රී ලංකා රෝදපුටු ක්‍රිකට් සංගමය නියෝජනය කරන රණක්ෂිතයට පත් සාමාන්‍ය සෙබළ පී.එච්.එස්. කුමාරවංශ වෙත රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබීය.
තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් ඉහළ නිලධාරින් සඳහා වූ නවාතැන් පහසුකම් ගොඩනැගිල්ලෙහි (Mountain View) සමරු ඵලකය නිරාවරණය කර එම ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එක්ව එම ගොඩනැගිල්ල පරීක්ෂා කරමින් එහි ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් දැක්වූ දායකත්වය සහ අවම පිරිවැයකින් ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම පිළිබඳ පැසසුමට ලක්කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.