Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

13th February 2019 00:18:33 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට නව නායකත්වයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ හය වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කර්නල් ඒජේ ගුණවර්ධන ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019 පෙබරවාරි 10 වන දින සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

මෙදින නව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත කදවුරු මුර පිරික්සුමක් පිරිනමමින් උණුසුම් අයුරින් පිලිගනු ලැබීමෙන් පසුව මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් ජීව දානය පිදූ රණවිරැවන් වෙත පුෂ්පෝපහාර දැක්වීමද සිදුවිය.

ආගමික චාරිත්‍රවලට මුල් තැනක් ලබාදෙමින් නව තනතුරෙහි කටයුතු එතුමන් විසින් භාරගන්නා ලද අතර මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු එතුමන්ගේ පවුලේ සමාජිකයින් සහභාගී විය.

නව මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් හට හෙරලියාවල සරඔ භුමියේදී සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර ඉන් අනතුරු එතුමන් විසින් කදවුරු පරිශ්‍රය තුල අඔ පැළයක් රෝපනය කිරීමට යෙදුනි.

නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ට සිය ධූරයෙහි රාජකාරී ඉටුකිරීම පිණිස අවශ්‍ය ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා යන්න ගාඩියන්ස් පැතුමයි.