Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

10th May 2019 11:29:24 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට නව ගෘහස්ථ ක්‍රීඩාගාරයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විවිධ ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල මෙන්ම ජාත්‍යන්තර සහ ජාතික ජයග්‍රහණ රැසකට උරුමකම් කියනු ලැබු සුවිශේෂී රෙජිමේන්තුවක් වන අතර රෙජිමේන්තුවට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති ගෘහස්ථ ක්‍රීඩාගාරයක සිහිනය යතාර්ථයක් බවට පත් කරමින් ඒ සදහා මුල්ගල් තැබීමේ උත්සවය 2019 මැයි මස 09 දින හෙරලියාවල කදවුරු පරිශ්‍රයේදී බෞද්ධ ආගමික චාරිත්‍රානුකූලව සිදුකරනු ලැබීය.

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමෙින්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්ලිව්එම්ඒඩබ්ලිව්එන් රණවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සංකල්පයකට අනුව මෙම ක්‍රීඩාගාරය සියළු පහසුකම්වලින් පරිපූර්ණව නවීන මෙවලම්වලින් සමන්විතව ඉදිකිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒජේ ගුණවර්ධන ආර්එස්පී විසින් එදින 0938 ට යෙදුන සුභ මොහොතින් මුල්ගල තබමින් මෙම කර්තව්‍යට ආරම්භය ලබාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්ජේඑන් මහේෂ් කුමාර සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් මෙන්ම කණිෂ්ඨ නිලධාරීන් රැසක්ද රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් විශාල පිරිසක්ද සහභාගී විය.