04th May 2026 12:27:10 Hours
ශ්‍රි ලංකාද්විපයේ දශක 3 ක් පුරා පැවති බෙදුම්වාදි කුරිරු ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමිම සදහා දිවිහිමියෙන් කටයුතු සිදු කිරිමේදි, ත්‍රස්ථවාදි ප්‍රහාරයන්ට ලක්ව පුර්ණ අබාධිත තත්වයට පත්ව තම ජිවිත කාලය පුරාවටම අභිමංසල 3 සුවසහන මධ්‍යස්ථානය - පාන්ගොල්ල හි නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන විරෝධාර රණවිරුවන්ගේ මානසික මට්ටම ඉහල නැංවිම අරමුණු කර ගනිමින් රෙජිමේන්තු සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි කුමාරි පල්ලේකුඹුර මැතිනියගේ සහ ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) හා රෙජිමේන්තු අධිපති ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව මේජර් ජෙනරාල් J S B W පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ශඛාවේ සාමාජිකාවන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව 2026.04.29 වන දින සංචාරයක නිරතවන ලදි
අභිමංසල 3 සුවසහන මධ්‍යස්ථානය - පාන්ගොල්ල හි ස්ථාපිත අධිරිද්ම සංගීත කණ්ඩායම විසින් ආකර්ෂණීය සංගීත සැසියක් පවත්වන ලද අතර, නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රණවිරුවන් 37 දෙනෙකු සදහා සහ ඔවුන් රැකබලා ගනු ලබන සෙබළුන් 33 කු වෙනුවෙන් විශේෂ දිවා ආහාරය, රසකැවිලි පාර්සලයක් බැගින් හා සුවසහන මධ්‍යස්ථානය - පාන්ගොල්ල හි නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන විරෝධාර රණවිරුවන් වෙනුවෙන් බතික් සරමක් සහ බතික් ෂර්ට් එකක් බැගින් පරිත්‍යාග කරන ලදි
තවද, මෙම සුවසහන මධ්‍යස්ථානයේ අධිරිද්ම වාද්‍ය වෘන්දය විසින් පවත්වන ලද කෙටි සංගීත ප්‍රසංගය සංචාරය සදහා සහභාගි වු සියළු දෙනාගේ පැසසුමට ලක් වු අතර, රෙජිමේන්තු අධිපති තුමන් සහ සේවා වනිතා සභාපතිනිය ඇතුළු සාමාජිකාවන් විසින් සුවසහන මධ්‍යස්ථානයෙහි නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රණවිරුවන් සමග සුහද පිළිසදරකද නිරත විය