Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

07th January 2022 19:36:08 Hours

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු මධ්‍යස්ථාන සේනාවිධායකගේ 3 ශ්‍රිලංජාආබමු ඒකක සංචාරය

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිවිඑම්ඩීඑස්කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 ජනවාරි මස 07 වන දින 3 ශ්‍රිලංජාආබමු හි ඒකක සංචාරයක නිරත විය.

3 ශ්‍රිලංජාආබමු අණදෙන නිලධාරී මේජර් එස්වයි ශ්‍රිමාල් ශ්‍රිලංජාආබමු විසින් මධ්‍යස්ථාන සේනාවිධායක උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, හමුදා සම්ප්‍රදායානුකූලව මුර පිරික්සුමක් පිරිනමමින් සිය ගෞරවාචාරය පිරිනැමීමට කටයුතු කරන ලදී.

අණදෙන නිලධාරී විසින් ඒකකයේ කාර්යන් පිළිබදව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත පැහැදිලි කිරීමෙන් අණතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ඒකකයේ භඨ පිරිස් අමතමින් සිය රාජකාරි ඉටුකිරීමේදී විනයානුකූලව සහ වෘත්තීමය හමුදාවක සාමාජිකයින් ලෙස ඉතා උසස් අයුරින් එම කටයුතු කරන ලෙසට ඔවුන් වෙත උපදෙස් ලබා දෙන ලදි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පවත්වනු ලැබූ මෙම සංචාරයට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී විය.