Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

21st March 2018 10:46:10 Hours

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට නව නායකත්වයක්

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නව සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරල් ආර්ඩබ්ඩබ්ලිව් රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සි 2017 දෙසැම්බර් 13 දින ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති තනතුරට පත්විය.

2017 දෙසැම්බර් 13 වනදා යුද හමුදා සම්ප්‍රදායන්ට අනුව මේජර් ජෙනරාල් දුෂ්යන්ත රාජගුරු විසින් රෙජිමේන්තු මධ්යස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදි සම්මාන මුරයකින් පිළිගත් එතුමන් මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමෙන් පසු හෙරලියවෙලවත්ත ප්‍රදේශයේ සරඔ භූමියේදී ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු සෙබළුන් විසින් ගෞරවනීය ආචාරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 14 වැනි රෙජිමේන්තු අධිපති තනතුරට පත් වූ මේජර් ජෙනරාල් දුශ්යන්ත රාජගුරු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ‍හෙරලියවලවත්ත කඳවුරේ නා පැළයක් රෝපණය කළේය.

රණවිරු සැමරුම සමග දවසේ සිදුවීම් ද පෙළගස්වා ඇති අතර, බනි සැරයන් නිවස්නයේ සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහහයකට සහභාගී වූ සියලුම නිළධාරීන් කණ්ඩායම් ඡායාරූපයකටපෙනි සිටින ලදි. පසුව රෙජිමේන්තුවේ නව කර්නල් ශ්‍රියන්ත නානායක්කාර රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තනතුරට පත්වීම පිළිබඳව සිය සුභාශිංසනය සඳහන් කරමින් ශ්‍රරවණාගාරයේදි සියලුම තනතුරු අමතන ලදී.

සේනාධිනායක, ජ්‍යෙෂ්ඨ සභා සාමාජිකයන්, මාණ්ඩලික නිලධාරීන් අණදෙන නිළධාරීන් සහ රෙජිමේන්තු සෙසු නිළධාරීන් විසින් බළඇණිවල සියලු රෙජිමේන්තු ආඥපතිවරුන් ඇතුලු රෙජිමේන්තු අධිපතිතුමන්ට සුබ පැතුම් පිරිනැමීය.