Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

07th November 2019 16:41:30 Hours

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව නායකත්වයක ඇරඹුම

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 17 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් එච්ආර්එන් ප්‍රනාන්දු ආර්එස්පී එන්ඩීසී 2019 නොවැම්බර් මස 07 වන දින යුධ හමුදා චාරිත්‍රානුකුලව සහ මහා සංඝරත්නයේ පිරිත් සඡ්ජායනා මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය. ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති ධූරයට අමතරව එතුමන් දැනට ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති වශයෙන් ද කටයුතු කරනු ලබයි.

අභිමානවත් මුර පිරික්සුමක් පිරිනමමින් එතුමන් පිළිගැනීමෙන් පසුව යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කල අතර පසුව සම්මාන පෙලපාලියක් පුදකරමින් එතුමන් වෙත ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ආචාරය පිරිනමනු ලැබිය. ඉන් අණතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් හෙරලියාවල කදවුරු පරිශ්‍රයේ නා පැලයක් රෝපනය කොට භඨ පිරිස් ඇමතීම සිදුකරන ලද අතර ඉන් පසු සියළු නිල තේපැන් සංග්‍රහයක් සදහාද එතුමන් සහභාගී විය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක , රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 110ක් සහ සෙසුනිලයින් 1300ක පිරිසක් සහභාගී විය.

නව රෙජිඅධිපති තුමාගේ දුරකථන අංකය : 0766907019 / 0766907013