Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

06th February 2022 17:22:47 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ 2022 පෙබරවාරි මස 06 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයෙහි නිරත විය.

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රාජකාරී භාරගැනීමෙන් පසු මෙම රෙජිමේන්තුවේ සිදුකල ප්‍රථම නිල සංචාරය වන අතර, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ෂේන් ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී විසින් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී පිලිගනු ලැබීය.

යුද්ධයෙන් මියගිය රෙජිමේන්තුවේ විරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදනු ලැබූ අතර රෙජිමේන්තු මූලස්ථාන බලඇණි කදවුරු පරිශ්‍රයේදී මුර පිරික්සුමක් සහ සම්මාණ මුරයක් පුදකරමින් රෙජිමේන්තුවේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය. සියළු භඨ පිරිස් අමතමින් රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා රෙජිමේන්තු සාමාජිකයින් විසින් ඉටුකලයුතු කාර්යයන් පිළිබදව රෙජිමේන්තු සාමාජිකයින් දැනුවත් කරනු ලැබීමෙන් පසු සියළු නිල තේ පැන් සංග්‍රහයක් සදහාද එතුමන් සහභාගී විය.

කොවිඩ් 19 වැලැක්වීම උදෙසා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වූ මෙම චාම් එහෙත් අභිමානවත් උත්සව අවස්ථාවට මන්ත්‍රණ සභා සාමාජිකයින්, රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය, ඒකක අණදෙන නිලධාරීන්, සහ ඒකක රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී විය.