Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

04th January 2020 08:36:09 Hours

නායකත්වයක සමුගැන්ම

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ වැනි මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි ඉටු කල බ්‍රිගේඩියර් ඒජේ ගුණවර්ධන ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2019 දෙසැම්බර් මස 27 වන දින තම ධූරයෙන් නික්ම යන ලදි. ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙත කල අසීමිත සේවාව වෙනුවෙන් හෙරළියාවල කදවුරු සරඔ භූමියේදී එතුමන් වෙත අභිමානවත් සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරි නමන ලදි.

එතුමන් වෙත ලබා දුන් ගෞරව සම්මාන වලින් පසුව රුදුරු තස්ථවාදීන්ගෙන් මාතෘභූමිය මුදවා ගැනීමේදී තම ජිවිතය පුජා කල රණවිරුවන් වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාරයක් සිදුකල අතර, මෙහිදී එම අවස්ථාව සිහි වීම වස් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කල නිලධාරින් සහ ජ්‍යෙකොනොනින් සමග සමුහ ජායාරූපයකට පෙනී සිටින ලදි.

ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කල නිලධාරි සහ ජෙකොනොනින් සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. එතුමන් ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව තුල රාජකාරි කල කාලයේදී තමන් වෙත ලබාදුන් සහයෝගය අගයමින් එම අවස්ථාවට සහභාගී වු නිලධාරින් සහ සෙසු නිලයින් සමග සුහද පිලිසදරක යෙදෙමින් තේ පැන් සංග්‍රහයකට සහභාගි විය.