Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

23rd January 2019 12:35:55 Hours

ගෞරවනීය සේවයට උපහාර පිදූ වගයි

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් නිලධාරී/සෙනීන් විසින් 2018-06-01 සිට 2018-12-31 කාලසීමාව තුලදී රෙජිමේන්තුවට අත්කරදුන් කීර්තිය හා ජයග්‍රහනයන් වෙනුවෙන් ඔවුන් අගයනු වස් ප්‍රණාම සහතික හා උපහාර පිදීමේ උළෙලක් 2018 ජනවාරි 17 දින රෙජිමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

ප්‍රණාම සහතිකලාභීන් ලෙස විශාම ගිය සැරයන් මේජර් වරුන්, නිළධාරි තිදෙනෙකු සහ සෙසු නිළයින් 149 දෙනෙක් මෙහිදී උපහාර ලැබූ අතර ඔවුන් විසින් විවිධ අවස්ථාවන්හිදී මහජනතාව වෙත පැමිණි උපද්‍රවයන්ගෙන් මුදාගැනීම සදහා ද විවිධ සමාජ සත්කාරක සේවාවන් මෙන්ම කීර්තිමත් රෙජිමේන්තු නාමය තවදුරටත් ඉහලට ඔසවා තබනු වස්, තමන් නියෝජනය කරනු ලබන ක්ෂේත්‍රයන්හි දක්වන ලද කැපවීම හා දක්ෂතාවයන් අගයනු පිණිස මෙම ප්‍රණාම උළෙල පවත්වනු ලැබිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා වශයෙන් ශ්‍රි ලංකා යුධ හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්එම්ඒඩබ්එන් රණවන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී විය. උත්සව සභාව අමතමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රෙජිමේන්තු නාමය සමස්ත යුද්ධ හමුදාව තුල මෙන්ම පොදුවේ ශ්‍රි ලංකාද්වීපය තුල ගෞරවණීය රෙජිමේන්තුවක් වශයෙන් ඉහලට ඔසවා තැබීමට ප්‍රණාම සහතිකලාභීන් විසින් ඉටුකල කාර්යභාරය රෙජිමේන්තු අධිපති වශයෙන් ඉතා ගෞරවයෙන් හා කෘතවේදීව සිහිපත් කරනු ලබන බව කියාසිටියේය. තවද සහතික ලාභීන් විසින් ඉටුකල මෙහෙය එතුමාගේ ඉමහත් පැසසුමට ලක්වූ අතර ඔවුන් වෙත සිය සුභපැතුම් එක්කිරීමටද අමතක නොකෙලේය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රෙිගේඩියර් එස්බී කොහොන, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්ජේඑන් මහේෂ් කුමාර, 111 බලසේනාවේ බලසේනාධිපති ඩබ්ලිව්ඩබ්ලිව්එම්ආර්එස්පී අළුවිහාරේ ආර්ඩබ්පී සහ ආර්එස්පී 232 බලසේනාවේ බලසේණාධිපති කර්නල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අණදෙන නිලධාරීන් රෙජිමේන්තු මධ්යඩස්ථාන මාණ්ඩලික නිලධාරීන් රැසක්ද සෙසුනිලයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී සිටීම කැපී පෙනුනි.