Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

16th October 2018 17:54:29 Hours

ගාඩියන්ස් මේලා 2018 සංගීත සංදර්ශනය, වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළිය

ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුව විසින් සාඩමිබරයෙන් පස් වන වරටත් සංවිධානය කල ගාඩියන්ස් මේලා සංගීත සංදර්ශනය, වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළිය 2018 ඔක්තොම්බර් මස 12 සහ 13 දෙදින තුල මාවතගම සාමෝදය ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වින.

ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්ලිව්එම්ඒඩබ්ලිව්එන් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි පූර්ණ මග පෙන්වීම හා උපදේශකත්වය, මෙම දැවැන්ත කාර්යය සාර්ථක කරගැනීමට අතිශයින්ම ඉවහල් වූ බව සිහිපත් කල යුතුය.

සේවයේ යෙදී සිටියදී මියගිය විරුවන්ගේ පවුල්‍වල සුභසාධනය ස‍හ ‍රණක් ෂිතයට පත් විරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් සහ රෙජිමේන්තුවේ ඉදිරි අභිවෘද්ධිය සදහා අරමුදල් රැස්කීරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වන අතර එය මුදුන්පත් කරගැනීමට රෙජිමේන්තුවෙහි සියළු සාමාජිකයින් තම කැපවීම හා දායකත්වය ලබාදෙමින් සියල්ලෝම එකාවන්ව කටයුතු කලහ.

මහා ජනකායකින් මාවතගම සාමෝදය ක්‍රීඩාංගනය පිරී ඉතිරී යද්දී ඔක්තෝම්බර් 12 දින සිය රසිකයින් අමන්දානන්දයට පත්කිරීමට පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සමග රෙඩ් ඇරෝස් නර්ථන කණ්ඩායමේ ශිල්පීන් සිය දායකත්වය ලබාදුන්හ. ඔක්තෝම්බර් 13 දින දැවැන්ත වේදිකාව මත සිය අණසක පතුරවමින් ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම මාවතගම නගරය සිය සත්සර රටාවට නතුකර ගැනීමට සමත් වු අතර ඇක්ෂන්වන් නර්ථන කණ්ඩායම සිය නර්ථන හැකියාවන් මගින් රසිකයින් අමන්දානන්දයට පත්කරනු ලැබීය. දිවයිනේ ජනකාන්ත ගී තරු රැසක් වේදිකාව වර්ණවත් කිරීමට තම මියුරු හඩ සත්සර හා මුසු කරනු ලැබූ අතර, මෙම දැවැන්ත කාර්යය සදහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රුපවාහිනිය සහ අයිටීඑන් එෆ්එම් නාලිකාව වෙතින් සැපයූ අතර මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතින් සපයන ලදී.

පහසු මිල ගණන් යටතේ සියළුම භාණ්ඩ මිලදී ගැනීම සදහා මෙම සැණකෙළි භූමියෙහි වූ වෙළද සැල් දෙදින පුරා විවෘතව පැවතින. දසදෙසින් පැමිනි ජනතාවගෙන් සියළුම වෙළද කුටි නිරන්තරයෙන් පිරී ඉතිරී පැවති අතර නිවසට අවශ්‍ය හාල්, සීනි, තුනපහ ඇතුළු සියළුම පාරිභෝගික භාණ්ඩ මෙන්ම එලවළු, පලතුරු, කරවල, විදුලි උපකරණ, දැව භාණ්ඩ, ආහාර පාන, විසිතුරු පැල වර්ග ඇතුළු විවිධ ද්‍රව්‍යන් වලින් පිරී පැවතින.

කුඩා දරුවන් සදහා මෙන්ම වැඩිහිටියන් හටද එකසේ විනෝදාස්වාදය ලැබිය හැකි දිවයින තුල විරල විනෝද සහ ත්‍රාසජනක ක්‍රීඩා සහ සැණකෙළි උපකරණ රැසකින් ද මෙම සැණකෙළි භූමිය සමන්විත වූ අතර, කාලතුවක්කු සංදර්ශන සහ සන්නාහ සන්නද්ධ රථ ප්‍රදර්ශනයක්ද රෙජිමේන්තු සරඹ කණ්ඩායම විසින් සරඹ සංදර්ශණයක්ද යුද්ධ හමුදා අංගම්පොර සංචිත සාමාජිකයින් විසින් අංගම්පොර සංදර්ශණයක් ද දෙදින පුරා පවත්වනු ලැබීය. මාතලේ මාතලී සංස්කෘතික නර්තන කණ්ඩායම සහ රෙජිමේන්තු සංස්කෘතික නර්ථන කණ්ඩායම විසින් විචිත්‍රවත් සංස්කෘතික අංගයන් කිහිපයක් ඉදරිපත් කරන ලදී. දිවා කාලයේදී පාසැල් දරු දැරියන් වෙනුවෙන් නොමිලේ ප්‍රදර්ශණ භූමිය විවෘතව පැවති අතර ලෝක ළමා දිනය හා කියවීමේ මාසය ඉලක්ක කර ගනිමින් සුවිසල් එකතුවක් සහිත පොත් ප්‍රදර්ශණයක් පවත්වනු ලැබීය. බාල මහළු සියලුම දෙනා වෙත එකසේ ඉතා ඉහල විනෝදාස්වාදයක් සැපයීමට ද එමගින් හැකියාව ලැබින.