Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

31st October 2019 18:39:52 Hours

ගාඩියනස් නිවහනට නව පිවිසුමක්

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ හෙරලියාවල කදවුරෙහි නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් දොරටුව අද දින එනම් 2019 ඔක්තෝබර් මස 31 වන දින 0932 පැයට යෙදුන සුභ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් විවෘත කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට සමගාමීව යුද්ධ හමුදාධීපති තුමන් වෙත කදවුරු මුර පිරික්සුමක් හා වර්ණවත් සම්මාන මුරයක් පිරිනමන ලද අතර ගාඩියන්ස් ඉතිහාසය තුල ප්‍රථම වරට රට දැය වෙනුවෙන් දිවි පිදූ හා රණක්ෂිතයට පත් මෙම රෙජිමේන්තුවට අයත් නිලධාරි, සෙසුනිල අයවළුන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් නිවාස 20 ක් සදහා නිවාස ආධාර හා මෙම රෙජිමේන්තුවට අයත් නිලධාරි, සෙසුනිල හා සිවිල් සේවක අයවළුන්ගේ අපොස සා:පෙළ සමත් දුවා දරුවන් වෙත අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් වසර 2ක් පුරාවට මසකට රුපියල් 3000.00 බැගින් ශිෂ්‍යත්ව 32 ක් ලබාදීමේ සුවිශේෂි වූ කටයුත්ත අද දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මැතිනියගේ සුරතින් සිදුකෙරිනී.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමාගේ සංකල්පයකට අනුව ගාඩියන්ස් ඉතිහාසය තුල සෙසුනිලයන් වෙනුවෙන් රුපියල් මිලියන 30 කට ආසන්න අති දැවන්ත මුදල් සම්භාරයක් සෙසුනිලයන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැය කල පළමු අවස්ථාව මෙය වන අතර, මෙම අභිමානවත් අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව අති සාර්ථකව සිදු කෙරිනි.