Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

12th April 2026 18:00:30 Hours

එලබෙන 2026 සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට වියලි සලාක සහ වවුචර්පත් ලබා දිම

දැනට යුද්ධ හමුදාවේ සේවයේ නියතු සිවිල් සේවක මහතුන්ගේ සේවය ඇගයිම මෙන්ම, ඔවුන් දිරි ගැන්විමක් වශයෙන් සහ එලබෙන 2026 සිංහල හින්දු අළුත් අවුරුද්ද කේන්ද්‍ර කර ගනිමින් ඔවුන් වෙත සේවා වනිතා ඒකකය වෙතින් රුපියල් 5,000.00 ක් වටිනා වවුචර්පත් බෙදා දිම 2026. 04.09 දින යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේදි ගරු සේවා වනිතා ඒකක සභාපතිතුමිය සහ යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් ප්‍රධානය කරන ලදී.

එම උත්සවය සමගාමිව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ, රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන්ද ඇගයිම වෙනුවෙන් එදිනම, එනම් 2026. 04.09 දින අඥාපති, අරක්‍ෂක සේනාව (නැගෙනහිර) සහ රෙජිමේන්තු අධිපති ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව මේජර් ජෙනරාල් ජේ එස් බි ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි කුමාරි පල්ලේකුඹුර මැතිනියගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.

මෙහිදී, ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් රුපියල් 5,000.00 ක් වටිනා වවුචර්පතක් ලබා දුන් අතර, රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත මෙම රෙජිමේන්තුව වෙතින්ද ඔවුන් හට CIB ආයතනය වෙතින් රුපියල් 5,000.00 වවුචර්පතක් සහ රුපියල් 2,000.00 ක් පමණ වටිනා වියලි සලාක පාර්සලයක් ලබා දෙන ලදී.

මෙම උත්සව අවස්ථාවට මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන මණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී විය.