Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

09th August 2018 14:07:06 Hours

අභිමානවත් 20 වෙනි බලඇණි සංවත්සරය සැමරීම - 22 වෙනි ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුව

22 වෙනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව ආසේමු (යා) බල ප්‍ර‍දේශයේ 521 බලසේනාව යටතේ වල්ලෙයි ප්‍ර‍දේශයේ ස්ථානගතව රටේ පවතින සාමය සහ සංහිදියාව වර්ධනය කිරිම. ආරක‍්ෂාව සපයමින් සහ ප්‍ර‍දේශයේ රාජ්‍ය ආයතනයන් වෙත පරිපාලන කටයුතු වලදිද නොමද සහයක් ලබාදෙමින් ‍ගෙවුනු වසර 20 ක මතකයන් සමගින් 20 වෙනි බලඇණි සංවත්සරය 2018 ක් වූ ජුලි මස 28 වෙනි දින වත්මන් වැ:බ අණදෙන නිලධාරි මේජර් එච්එම්එල්බී සමරකෝන් ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදිම යටතේ ඒකකයේ නිලධාරි / සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් අභිමානයෙන් සමරන ලදි.

මෙහිදි වත්මන් සමාජයේ කාලින අවශ්‍යතාවය තේරුම් ගෙන සැලසුම් කරන ලද ලේ දන්දිමේ වැඩසටහනක් 2018/07/24 වෙනි දින බලඇණි මූලස්ථානයේ දි පවත්වන ලදි. එහිදි 60 කට අධික පිරිසක් ලේ දන්දීම සදහා සහභාගි වන ලදි.

වසර 30 ක් පුරා රටේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් ජිවිතය කැපකල 22 ශ්‍රිලංජාආබමු ඒකකයේ සාමාජිකයින් සදහා පිං පැමිණවීමටත් අබාධිත තත්වයට පත් අයවලුන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරිමටත් ඒකකයේ දැනට රාජකාරි නියුතු සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට තම රාජකාරි ඉටුකිරිම සදහාත් ආශිර්වාද ලබාගැනිම අරමුණු කරගනිමින් සංඝයා වහන්සේ නමක් වැඩම කොට 2018/07/26 වෙනි දින බලඇණි මූලස්ථානයේ බෝධි පූජා පිංකමක් සහ සුමධුර ධර්ම දේශණයක් පවත්වන ලදි.

ඒකකයේ නිලධාරි සෙසුනිලයින්ගේ විනය සාමුහික බව හා අභිමානය විදහා දක්වමින් 20 වෙනි සංවත්සරය යෙදුන 2018 ජුලි මස 28 දින අණදෙන නිලධාරි හට කදවුරු මුර පිරික්සුමක් පිරිනැමිමෙන් අනතුරුව අණදෙන නිලධාරි විසින් මතක සැමරුමක් වශයෙන් කදවුරු භූමිය තුල පැලයක් රෝපණය කරන ලදි. ඉන් අනතුරුව අණදෙන නිලධාරි විසින් ඒකකයේ සියලු භටපිරිස ඇමතීමක් සිදුකරන ලද අතර සියලු නිල දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදි.

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ ”ස්වාර්ථයට පෙරදේශය” යන උදෘත පාඨය පෙරදැරිව එකම ධජයක් යටතේ ඉදිරියට යන 22 වෙනි ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුවට තම ඉදිරි ගමනට ඇවැසි දිරිය ශක්තිය නොමදව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.