Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

12th July 2021 12:28:42 Hours

අභිමානවත් නායකත්වයක සමුගැන්ම

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි ඉටු කල මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2021 ජුලි මස 11 වන දින තම ධූරයෙන් නික්ම යන ලදි.

රුදුරු තස්ථවාදීන්ගෙන් මාතෘභූමිය මුදවා ගැනීමේදී තම ජිවිතය පුජා කල රණවිරුවන් වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාරයක් සිදුකල අතර, ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙත කල අසීමිත සේවාව වෙනුවෙන් හෙරළියාවල කදවුරු සරඔ භූමියේදී එතුමන් වෙත අභිමානවත් සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරි නමන ලදි.

ඉන් අනතුරුව හෙරලියාවල කඳවුරු භූමියේ රාජකාරි කරනු ලබන සෙබළුන් හට විශාල අඩුපාඩුවක්ව පැවති ජලය එක්රැස් කිරීම සඳහා ජල පොම්පාගාරය නවතමයෙන් ඉදිකර එතුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.

ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කල නිලධාරි සහ ජෙකොනොනින් සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. එතුමන් ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව තුල රාජකාරි කල කාලයේදී තමන් වෙත ලබාදුන් සහයෝගය අගයමින් එම අවස්ථාවට සහභාගී වු නිලධාරින් සහ සෙසු නිලයින් සමග සුහද පිලිසදරක යෙදෙමින් තේ පැන් සංග්‍රහයකට සහභාගි විය.