Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

31st March 2018 09:57:33 Hours

අභිමංසල 3 සුවසහන මධ්‍යස්ථානය - පාන්ගොල්ල සංචාරය

මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශිරාණි රාජගුරු මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018.02.18 වන දින සිදු කරන ලදි.

මෙම සංචාරය සඳහා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් රැසක් සමගින් මෙම රෙජිමේන්තුවට අයත් නිලධාරීන් මෙන්ම සෙසුනිළයින් ද සහභාගි වූ අතර, එහිදී රණක්ෂිතත්වයට පත් නේවාසික රණවිරුවන් සඳහා පහත දක්වා ඇති සුභසාධක කටයුතු ඉටුකරන ලදි.


අ. රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

ආ. නේවාසික රණවිරුවන් 41 දෙනෙකු සඳහා රු:2,000.00 ක් වටිනා වවුචර් පත් 01 බැගින් පරිත්‍යාග කරණ ලදි.

ඇ. රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ මානසික සුවය සඳහා යෙදවීමට සුවසහන මධ්‍යස්ථානය වෙත රු:78,000.00 ක් වටිනා විසිතුරු මාළු ටැංකියක් ප්‍රධානය කල අතර, ඒ සඳහා විසිතුරු මත්ස්‍යයින් සහ ටැංකිය අලංකාරවත් කිරීමට ඇවැසි ද්‍රව්‍යයන් ද ප්‍රධානය කරන ලදි.

ඈ. රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ මානසික තත්වය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් මෙම රෙජිමේන්තු ත්‍රිපුද්ගල සංගීත කණ්ඩායම විසින් සංගීත ප්‍රසංගයක් පවත්වන ලදි.