Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th June 2021 12:22:17 Hours

සිවිල් ජනතාවගේ ජිවනොපාය නගා සිටවිමට ආරම්භ කර ඇති ව්‍යාපෟති ආරක්‍ෂක සේනා ආඥාපතිගේ නිරික්‍ෂණයට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ අධික්‍ෂණය යටතේ දිළිදුකම තුරන් කිරිම සදහා යුද්ධයෙන් පිඩාවටපත් සහ අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට විසදුමක් ලෙස විශාල වශයෙන් සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ආරම්භ කෙරුනි. මෙම වැඩසටහන් මගින් අඩු ආදායම්ලාභි පවුල් වල මුලික අවශ්‍යතා සපුරාලීම තුලින් ඔවුන්ගේ ජිවන තත්වය ඉහල නංවාලීමටත් කිළිනොචිචි ප්‍රදේශයේ රජයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය වැඩි දියුණු කිරිමත් මෙහි අරමුනයි.

මෙම වැඩසටහනට සමගාමිව පුනරින් ප්‍රදේශයේ සිදු කරනු ලබන නිවාස ව්‍යාපෟතියේ වත්මන් තත්වය සහ තල් කොළ යොදා ගනිමින් සිදු කරනු ලබන නිෂ්පාදන මෙන්ම කුකුළු ගොවිපොලෙහි නිෂ්පාදන ක්‍රියාවලිය සොයා බැලීම සදහා ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපති 2021 මැයි මස 29 වන දින එම ප්‍රදේශයේ නිරීක්‍ෂන චාරිකාවක නිරතවිය. මෙහිදි ආඥාපති විසින් නිවාස ඉදිකිරිමේ කටයුතු වල නිරත භඨපිරිස් හට කෙටි කාලයක් තුල ව්‍යාපෟති නිම කිරිමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි.

මෙම සංචාරය සදහා 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 5 (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමෙන්තුවේ අණදෙන නිළධාරින් මෙන්ම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ප්‍රධන සිවිල් සම්බන්ධිකරණ නිළධාරිද සහභාගිවිය.