Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th June 2021 12:13:51 Hours

කිළිනොචිචි භඨ පරිස් වෙත ප්‍රතිසංස්කරණය කරන ලද වාහන සහ පාපැදි බෙදා දෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් පරිදි ඉදිරි නඩත්තු ප්‍රදෙස කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියල් නානායක්කාරවසම් ගේ අධික්‍ෂණය යටතේ අළුත් වැඩියා කරන ලද වාහන සහ පාපැදි ආරක්‍ෂක සේනා මුලස්ථානය, සේනාංක, බළසේනා සහ බලඇණි වල රාජකාරි අවශ්‍යතාවය සදහා ලබා දීම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති සහ ඉදිරි නඩත්තු ප්‍රදෙස කිළිනොචිචි ආඥාපති විසින් 2021 මැයි මස 27 වන දින සිදු කරන ලදි.

7 වන ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් අළුත් වැඩියා කරන ලද ට්‍රක් රථ දෙකක්, ට්‍රැක්ටර් රථ තුනක්, ගිලන් රථයක්, පාපැදි අසුවක් සහ ආහාර බහාලුම් පෙටිටි සහිත පාපැදි විස්සක් බෙදා දීම මෙහිදි සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන ඇතුලු ජ්‍යෙෂ්ථ නිළධාරින්, අණදෙන නිළධාරින්, නිළධාරින් සහ සෙබළුන් සහභාගී විය.