Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd June 2021 13:04:33 Hours

66 වන පාබල සේනාංක භඨපිරිස් හරිතාගාර වගා ව්‍යාපෟතියක් ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් පරිදි පරිසර හිතකාමි කාබනික කෘෂි වගාබිම් ආරම්භ කිරිම තුලින් කෟෂිකර්මාන්තය නංවාලී සදහා රජය ගෙන ඇති ක්‍රියාදාමයට දායක වීමේ අරමුණින් පුනරින් ප්‍රදේශයේ පවතින දේශගුණික තත්වය තුල නව හරිතාගාර ව්‍යාපෟතියක් 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව ආරම්භ කරන ලදි.

ඒ අනුව 66 පාබල සේනාංකයේ රාජකාරි නියතු ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු භඨ පිරිස් විසින් ඉදිකරන ලද වර්ග අඩි 1000 කින් සමන්විත නව හරිතාගාර වගා බිම මෙහි පළමු පියවර ලෙස 66 වන පාබල ස්නාංකයේ සේනාංකාධිපති විසින් 2021 මැයි මස 29 වන දින විවෟත කරන ලදි. ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් සිදු කරමින් පවතින සිවිල් කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සදහා කල නිරික්‍ෂණ චාරිකාවේදි මෙම නව හරිතාගාරය නැරඔිමද සිදු කරන ලදි.

මෙවැනි හරිතාගාර වගාබිම් ආරම්භ කිරිම තුලින් රටෙ වර්තමාන කෟෂිකාර්මික ව්‍යාපෟති සදහා වැඩි පිළිබිඔුවක් සැපයීම මෙන්ම කාබනික පළිබෝධනාශක සහ කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක වගාබිම් පවත්වාගෙන යෑමට මෙන්ම හරිතාගාර වගාවන් පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනෙහි අරමුන විය.

මෙම වැඩසටහනෙහි දෙවන අධියර යටතේ 66 පාබල සේනාංක බළප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වල ජීවන තත්වය ඉහල නැංවීම සදහා කෟෂි බෝග බෙදා දීමටද කටයුතු සුදානම්කර ඇත.