Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st May 2021 11:28:14 Hours

කිළිනොචිචි ප්‍රදේශයට තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථායක්

කොවිඩි - 19 වෛරසය ආසාධිතයින් ඉහල යෑම සැලකිල්ලට ගනිමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨ පිරිස් විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය මුරුක්කණ්ඩි නිරෝධායන මධ්‍යස්ථානය ඇඳන් 350 කින් සමන්විත කොවිඩි - 19 වෛරසය ආසාධිතයිනට ප්‍රතිකාර කිරිම සදහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරන ලදි.

කොවිඩි - 19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති සහ කිළිනොචිචි දිස්ත්‍රික් කොවිඩි - 19 වැලැක්විමේ සම්බණ්ධිකාරන මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ මඟ පෙන්විම යටතේ වර්තමාන කොවිඩි - 19 වෛරසයේ තුන්වන රුල්ල සාර්ථකව පාලනය කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරිමේ අරමුණින් මෙය ක්‍රියවට නැංවිය.

නවතමයෙන් පිහිටවන ලද කොවිඩි - 19 අතරමැදි සත්කාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය සොයා බැලීම සදහා 2021. මැයි මස 14 වන දින ආරක්‍ෂක සේනා ආඥාපති එහි නිරික්‍ෂණ සංචාරයක නිරත වෙමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අවශ්‍යතාවයන් පිළිබද සොයා බැලු අතර ඉදිරි කාර්යභාරය පිළිබඳව මෙහිදි ආඥාපති වෛද්‍ය කාර්යමණ්ඩලය සමග අදහස් හුවමාරු කරගන්නා ලදි.

මෙම සංචාරය සදහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර්එන් සර්වනබවන් මහතා, ධර්මපුරම් රෝහලේ වෛද්‍ය තරංග මහතා, හෙද කාර්ය මණ්ඩලයේ ප්‍රධානි කුපෙන්තිරාජා මුරලිදරන් මහතා, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බ්‍රිගේඩියර් පාලන භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි ඇතුලු ජෙෂ්ථ නිළධාරින් සහ යුද්ධ හමුදා රෝහල කිළිනොචිචි හි කාර්ය මණ්ඩලය සහභාගිවිය.