Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st May 2021 10:17:05 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨ පිරිස් ජාතික වෙසක් උත්සවය සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨ පිරිස් විසින් නිර්මානය කරන ලද වෙසක් සැරසිළි ප්‍රදර්ශනය කිරිම ආරක්‍ෂක සේනා මුලස්ථානය, සේනාංක මුලස්ථාන සහ අනෙකුත් කදවුරු තුල වෙසක් පුන් පොහොය දින කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පළිපදිමින් සිදු කරන ලදි.

.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් පරිදි භඨ පිරිස් විසින් අලංකාරමත් වෙසක් පහන් කූඩුවක් ඉරණමඩු හංදියේදි ප්‍රදර්ශනය කළ අතර ඉරණමඩු හංදියේ සිට ආරක්‍ෂක සේනා මුලස්ථානය දක්වා මාර්ගය දෙපස වෙසක් පහන් කූඩු සියයකට අධික ප්‍රමානයක් ප්‍රදර්ශනය කරන ලදි.

මේ අතර 57 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීම මත කිළිනොචිචි නගරය වරණවත් වෙසක් පහන්කූඩු , කළාත්මක ආලෝක සැරසිළි සහ බෞද්ධ ධජයන්ගෙන් වර්ණවත් කරන ලදි.

මෙයට සමගාමිව 66 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ මඟ පෙන්විම මත පුනරින් හංදිය සහ පන්සල වෙසක් සැරසිළි මගින් ආලෝකමත් කරිම සිදු නරන ලදි. ජාතින් අතර සංහිදියාව ඉහළ නැංවිම සදහා මංපෙත් විවර කරන අතිශයින්ම වැදගත් ආගමික සහ සංස්කෟතිය පිළිබිඹු වන අයුරින් වෙසක් උත්සවය පවත්වන ලදි.