27th March 2021 15:00:24 Hours
මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරී භාර ගැනීමෙන් පසු 662 වන පාබල බළසේනාවේ සහ එහි අණදෙන ඒකක වෙත සිය නිළ සංචාරය සිදු කිරිම 2021 මාර්තු මස 16 වන දින සිදු කරන ලදී.
662 වන පාබල බළසේනාව වෙත පැමිනි ආඥාපතිව 662 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ විසින් ඉතා උනුසුම්ව පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු සම්මාන මුරයේ ආචාරයද ආඥාපති වෙත පිරිනමන ලදි.
අනතුරුව බළසේනාධිපති සහ ඒකක අණදෙන නිළධාරින් විසින් මෙහෙයුම් සහ පරිපාලනය කාර්යභාර්ය පිළිබඳව සවිස්තරාත්මකව ආඥාපතිව දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව ආඥාපති 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාව සහ 20 (සෙවි) විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකක වල සංචාරයේ නිරතවු අතර මෙහිදි ඒකක බුද්ධි නිළධාරින් විසින් ඔවුන්ගේ වගකීම සහ බුද්ධිමය හැකියාවන් පිළිබඳව ආඥාපතිහට විස්තර කරන ලදි.
මෙම නිළ සංචාරය සංකේතවත් කිරිම සදහා මුලස්ථාන පරිශ්‍රයන් තුල පැළ රෝපනය කිරිම සහ සමරු පොතෙහි සටහන් තැබිමද ආඥාපති විසින් සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි මාණ්ඩලික නිළධාරින්, 66 වන සේනාංකයේ මාණ්ඩලික නිළධාරින් සහ ඒකක අණදෙන නිළධාරින් සහභාගිවිය.