Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th February 2021 12:46:46 Hours

ආරක්‍ෂක සේනා කිලිනොච්චියෙහි නව ආඥාපති වෙඩි ද්‍රව්‍ය ගබඩාව, බහු කාර්ය සම්ප්‍රේශන කුළුන සහ නීරෝධායන මධ්‍යස්ථානයන්හි සංචාරය කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ කිලිනොච්චි බලප්‍රදේශයෙ රාජකාරී භාර ගැනීමෙන් පසු තම ප්‍රථම ක්‍ෂේත්‍ර සංචාරය ලෙස වෙඩි ද්‍රව්‍ය ගබඩාව, බහු කාර්ය සම්ප්‍රේශන කුළුන සහ නීරෝධායන මධ්‍යස්ථානයන්හි 2021.02.24 වන දින සංචාරය කරන ලදී.

ඒ අනුව ප්‍රථමයෙන් 6 වන ශ්‍රි ලංකා යුධ හමුදා යුධෝපකරණ පලකාය යටතේ පාලනය වන වෙඩි ද්‍රව්‍ය ගබඩාවේ සංචාරය නිරත වන ලදී. 573 පාබල බලසේනාවේ බලසේනාධිපති, 6 ශ්‍රිලයුයුබ ඒකක අණදෙන නිලධාරීන් විසින් වෙඩි ද්‍රව්‍ය ගබඩාවේ සවිස්තරාත්මක ඉදිරිපත් කිරිම සිදු ක අතර, වෙඩි ද්‍රව්‍ය ගබඩාව වැඩි දියුණු කිරිම සදහා උපදෙස් ලබා දෙන ලදී.

ඉන් පසු ආඥාපතිතුමන් විසින් කොකාවිල්හි පිහිටි බහු සම්ප්‍රේශන මධ්‍යස්ථානයේ සංචාරයේ නිරත විය. එහිදී එම මධ්‍යස්ථානය වෙතින් සිදු කරනු ලබන කාර්යන්, ක්‍රියාකාරීත්වය සහ ආරක්‍ෂාව පිලිබද අණදෙන නිලධාරී විසින් විස්තර කරන ලදී. පසුව ආඥාපතිතුමන් මුරුක්කන්ඩි සහ භාරතිපුරම් නීරෝධායන මධ්‍යස්ථානයන් වෙතද සංචාරය කර එහි පාලන කටයුතු සහ ආරක්‍ෂාව පිලිබද කරුනු සොයා බලන ලදී.

මෙම අවස්ථාව සදහා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, ආසේමු (කිලි) බ්‍රිගේඩියර් පාලන භකාස, 571 සහ 573 පාබල බලසේනාධිපතිවරුන් මෙම මූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 09 වන සංඥා බලකායේ අණදෙන නිලධාරී සහ 6 වන ශ්‍රි ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරීන් මෙම සංචාරය සදහා සහභාගී වන ලදී.