Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th February 2021 11:05:52 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානයේ හරිත වර්ණ ක්‍රිඩාංගණය විවෟත කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොච්ච් හි සේවයේ නියතු භඨපිරිස් සදහා නව පහසුකම් සැපයීම සහ ක්‍රිඩා හැකියාවන් ඉහල නැංවීමේ අරමුණින් භාවිතා කිරිමට නොහැකිව තිබු භූමිය හරිත වර්ණ ක්‍රිඩාංගනයක් බවට පත් කරමින් මෙන්ම ක්‍රිඩා මංඩපය නවිකරණය කිරිම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ උපදෙස් හා මගපෙන්වීම මත සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ විසින් 2021 ජනවාරි මස 30 වන දින ක්‍රිඩාංගනය සහ ක්‍රිඩා මංඩපය විවෟත කිරිම සිදු කරන ලදි. නව ක්‍රිඩාංගනය උසස් ප්‍රමිතීන්ට අනුව ඉදිකිරිම සදහා කටයුතු කල 11 වන ඉංජිනේරු සේවා බලකායේ භඨපිරිස් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි යටතේ ඇති සියලුම බළඇණි වල සෙබළුන්ගේ ශ්‍රම දායකත්වය මත සිදු කරන ලදි.

මෙම සමාරම්භක අවස්ථාව සනිටුහන් කිරිම සදහා කණ්ඩායම් දෙකක් අතර ප්‍රදර්ශන ක්‍රිකට් තරඟයක් පැවැත්විණි. මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සමන් ලියනගේ, බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ ඇතුලු සියලුම නිළධාරින් සහ සෙබළුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.