Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd December 2020 11:34:18 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති 65 වන පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ 2020 නොවැම්බර් 28 වන දින 65 වන පාබල සේනාංකයෙහි සංචාරයක නිරතවිය. 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටිකිරි දිසානායක විසින් ආඥාපතිව ඉතා උනුසුම් අයුරින් පිළිගැනිමෙන් පසු කදවුරැ මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය.

අනතුරැව 65 වන පාබල සේනාංකයේ කාර්යමණ්ඩලය සමග සමුහ ජායාරෑපයකට පෙනීසිටි ආඥාපති ඉන් අනතුරැව භඨපිරිස් අමතමින් 65 වන පාබල සේනාංකය විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචිය වෙත ලබාදුන් සහයොගය අගය කරමින් ඒ සදහා සියලු භඨපිරිස් වෙත සිය ස්තුතිය පිරිනමන ලදි.

මෙම සංචාරය සනිටුහන් කරමින් ආඥාපති විසින් පැළයක් රෝපනය කිරිම සහ සමරු පොතෙහි සටහනක් තැබීමද සිදු කරන ලදි.